වෙනිසියුලාවේ මැතිවරණයක්



වෙනිසියුලානු පාර්ලිමේන්තු මහ මැතිවරණය ඊයේ (6) පැවැත්විණි. මැතිවරණය පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ ආසන 227 වෙනුවෙනි.

මැතිවරණය දූෂිත එක්ක බවත්, ඡන්ද අක්‍රමිකතා සිදුවනු ඇති බවත් කල් තියා පෙන්වා දෙමින් වෙනිසියුලානු ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට ඉදිරිපත් වූයේ නැත.

ඒ අනුව, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ සමාජවාදී පක්ෂයට පහසු ජයක් හිමිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපති මදුරෝට හිතවත් දේශපාලන පක්ෂ 100 කින් අපේක්ෂකයන් 14,000 ක් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මැතිවරණය පැවැත්වූයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවය.

කැරැකස් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS