විරෝධය තාවකාලිකව නවතී



ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළිය තාවකාලිකව නවතා දමන බව තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පැවැසුවේය.

ඉස්ලාමාබාද් නගරයේ දැඩි ආරක්‍ෂිත කලාපයේදී පෙළපාළියට සහභාගී වූ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර දවසක් පුරා පැවැති ගැටුම් අවසන් කරමින් "අවසන් නිවේදනය" පෙළපාළිය තාවකාලිකව නවතා දමන බවට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනය කළේය.

"අවසන් නිවේදනය" පෙළපාළිය දැඩි මාර්ග බාධක යොදා තිබූ ඉස්ලාමාබාද් නගරයේ ඩි- චෝක් මාවතට අවතීරණ වීමත් සමග පෙළපාළිය විසුරුවා හැරීම සඳහා පොලිසිය දිගට හරහට කඳුළු ගෑස් ගසා ඇත. ඒ හේතුවෙන් ආධාරකරුවන් පසුබැසීමට සිදුව ඇති අතර අනතුරුව එදිනම රාත්‍රියේ ඉම්රාන් ඛාන්ගේ භාර්යාව වන බුෂ්රා බීබී සහ කිබර් පක්ටුන්ක්වා ප්‍රධාන අමාත්‍ය අලී අමීන් ගන්ධාපූර් පෙළපාළියට සහභාගී වූවන්ට ගෙදර ගොස් ආහාර ගෙන නැවත පසුදින උදෑසන පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද පැවැසෙයි.

ආධාරකරුවන් නිවාසවලට ගිය පසුව උදෑසන අවසන් නිවේදනය පෙළපාළිය තාවකාලිකව නතර කර දමන බවට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS