විනිසුරුවරයාට එරෙහි පැමිණිල්ලක්
පාකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට දේශද්‍රෝහී චෝදනා මත මරණ දඬුවම ලබා දුන් විනිසුරු මඬුල්ලට නායකත්වය දුන් විනිසුරුවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන ඇත.
විනිසුරු වකාර් අහ්මද් සෙත්, තීන්දුව දීමෙන් පසු පවසා ඇත්තේ මුෂාරෆ් හැකි ඉක්මණින් එල්ලා මරා, මළසිරුර පාකිස්තාන පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් ප්‍රදර්ශනය කළ යුතු බවය.
විනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය පාකිස්තාන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බවත්, එහෙයින් විනිසුරුවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පැවැසෙයි.
(අල් ජසීරා)