විදෙස් ගුවන් යානාවලට චීනයෙන් අවසර



'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් පැනැවූ තහංචි ලිහිල් කිරීමෙන් පසු රටවල් රටවල් 8 ක් සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට චීනය සූදානම් වෙයි. එම රටවල් යළි ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ චීනය ලබා දුන් අවසරය පරිදිය.

චීනය සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කළ පළමු රට වන්නේ දකුණු කොරියාවය. ඒ මාසයක් තිස්සේ පැවැති ගුවන් ගමන් තහංචි ලිහිල් කිරීමෙන් පසුවය. චීනයෙන් අවසර හිමිවී ඇති සෙසු රටවල් වන්නේ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තයයි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS