වානේ-ඇලු‍මිනියම් තීරු බදු ඉහළ දමයි



ඇමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලු‍මිනියම් සඳහා පවතින තීරුබදු දෙගුණයක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

ඒ අනුව, එම නිෂ්පාදන සඳහා මෙතෙක් පැවති ආනයන බද්ද සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම තීරණය දේශීය වශයෙන් වානේ සහ ඇලු‍මිනියම් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වන බව ට්‍රම්ප්ගේ මතයයි. වානේ සහ ඇලු‍මිනියම් සඳහා චීනය මත යැපීමේ අවශ්‍යතාවය එමගින් අඩු වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS