වසර අවසාන මධ්‍ය හමුව මෙවර නෑ



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් මාධ්‍ය ආයතන සියල්ලට ඇරැයුම්පකරමින් පවත්වන වසර අවසාන මාධ්‍ය හමුව මෙවර පවත්වන්නේ නැතැයි රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘ක්‍රෙම්ලීනය’ පවසා තිබේ.

මීට පෙර සෑම වසරකම පාහේ පුටින්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සිදුවිය. රුසියන් මාධ්‍ය ආයතනවලට පමණක් නොව, විදෙස් මාධ්‍ය ආයතනවලට ද ඊට ඇරැයුම් කෙරුණි. සහභාගී වන මාධ්‍යවේදීන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙවර වාර්ෂික මාධ්‍ය හමුව නොපැවැත්වීමට ජනාධිපති පුටින් තීරණය කර ඇත්තේ, රුසියාව, යුක්රේනයට එරෙහිව අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන් යැයි දේශපාලන විශ්ලේෂකයන් පැහැදිලි කර ඇත.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මෙම වසරේ පෙබරවාරි 24 වැනිදාය.

ඒ, යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව පිහිටුවා ගත් යුදමය සන්ධානයකි.

(රොයිටර්)


RECOMMEND POSTS