වයිරසය මඬින්න බිලියනයක් නිවෙස්වල



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණ ඇතිව, රටවල් රැසක රජයන් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින්, මේ මොහොතේ බිලියන 1 කට ආසන්න පිරිසක් නිවෙස්වල රැඳී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වයිරසය වේගයෙන් ව්‍යාප්තවී ඇත්තේ යුරෝපා රටවලය. ආසියානු රටවලත්, ඇමෙරිකාවේත් වයිරසය පැතිර යමින් තිබේ.

ඉතාලිය, ස්පාඤ්ඤය, බි‍්‍රතාන්‍යය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවල් සම්පූර්ණයෙන් එම රටවල් වසා දමා ඇත. ඒ ඒ රටවල වැසියන්ට අවසර දී ඇත්තේ නිවෙස්වල සිට රැකියාව කිරීමටය.

(රොයිටර්)


RECOMMEND POSTS