ලෝක නායකයන් ගැන බියක්
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සෙවීමට තමන් වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ බවත්, තමන්ට වයිරසය ආසාදනය වී නොමැති බව එයින් තහවුරු වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කළේ ධවල මන්දිරයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවුණු ඇමෙරිකන් මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ඇමෙරිකන් ජනපතිවරය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණේ ඒ නිසාය.
‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වූ බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ නියෝජනය කරමින්, ජනපති ට්‍රම්ප් හමුවීමට ආ බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ෆැබියෝ වජින්ගාර්ටන්ය.
මාධ්‍ය ලේකම්වරයාට වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමඟ බ්‍රසීලයේ ඇතැම් පුවත් සේවා වාර්තා කළේ ජනාධිපති බොල්සරානෝ ද වයිරස ආසාදිතයකු බවය.
බ්‍රසීල ජනාධිපතිවරයා ද එරට හමුදා රෝහලේ දී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහු වයිරස ආසාදිතයකු නොවන බවය. ‘තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවත්, මාධ්‍ය බොරු පුවත් පළ කළ බවත්’ ජනාධිපති බොල්සරානෝ, ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.
ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ස්පාඤ්ඤ පුවත් සේවා අද (15) වාර්තා කළේ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස්ගේ බිරිඳ බෙගෝනා සැන්චෙස් ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවය. ඒ අනුව, ජනාධිපතිවරයා ද දින 14 නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළේ යැයි ස්පාඤ්ඤ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. මීට අමතරව, ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනිය නඩීන් ඩොරිස් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ අගමැතිවරයාගේ පෙම්වතිය කැරී සිමොන්ස්ඞ්ට වයිරසය ආසාදනය වීමේ බියක් හටගෙන ඇත. ඒ, සෞඛ්‍ය ඇමැතිනිය නඩීන් ඩොරිස් රෝගී වීමට දිනකට පෙර, අගමැති ජොන්සන්, කැරී සිමොන්ස්ඞ් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගී වූ සාදයකට එක්වීම නිසාය.
ඒ අනුව වෛද්‍ය උපදෙස් මත අගමැති ජොන්සන් සහ පෙම්වතිය කැරී සිමොන්ස්ඞ් වෙන් වෙන්ම දින 14 ක් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට බි්රතාන්ය වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි ද වාර්තා වේ. අගමැති බොරිස් ජොන්සන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත්, ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු නොකරන බවත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා තිබේ.
ඕස්ටේ්රලියානු කැබිනට් මණ්ඩල ජ්‍යෙෂ්ඨ සාමාජික පීටර් ඩටන්ට ද වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව, ඕස්ටේ්රලියා අගමැති ස්කොට් මොරිසන් ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණු බව වාර්තා වේ. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සෝෆී ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් අගමැතිවරයා ද දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ බව කැනඩා සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.
චීනයෙන් පිට කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර යන්නේ ඉතාලියේය. ඉතාලි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක නිකොලා සිංගරේටීට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ඉතාලි සෞඛ්‍ය බලධාරීහු පවසති.
චීනයෙන් පිට කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරෙන දෙවැනි රට ලෙස සැලකෙන්නේ ඉරානයයි. ඉරාන පාර්ලිමේන්තුවෙන් සියයට 10 ක පිරිසකට වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි. ඔවුන්ගෙන් කිහිප දෙනකු මියගොස් ඇතැයි ද ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී සහ ඉරාන ජනාධිපති හසන් රොව්හානී වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)