ලොව වයස්ගතම පුද්ගලයා මියයයි



ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි.

ලුසිල් රුන්දොන් නමැති ඇගේ වයස අවුරුදු 118 කි.
ලුසිල් රුන්දොන් ප්‍රසිද්ධියට පත් වී සිටියේ ‘සිස්ටර් අන්ද්‍රේ’ යන නාමයෙනි.

උප්පැන්න සහතිකයට අනුව, ලුසිල් රුන්දොන් උපත ලබා ඇත්තේ 1904 පෙබරවාරි 11 වැනිදාය. ඒ, පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ වීමටත් දශකයකට පෙරය.
පසුගිය කාලයේ ලුසිල් රුන්දොන්, තූලොන් නගරයේ ශාන්ත කැතරීන් සාත්තු නිවාසයක සිටි බවත් ඇය නින්දේදීම මියගොස් ඇති බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS