ලෙනාඩ් වල්ගා තරුව පෘථිවිය අසලින් යයි
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැකිය හැකි වල්ගා තරුවක් ලෙස සැලකෙන 'ලෙනාඩ් වල්ගා තරුව' ඊයේ (12) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව තිබුණි.
ලෙනාඩ් වල්ගා තරුව කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් පහසුවෙන් දැක ගැනීමට හැකිවනු ඇති බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි. ලොව සෙසු රටවලට වල්ගා තරුව දැකගත හැකිවනු ඇත්තේ සන්ධ්‍යා කාලයේ යැයි ද පැවැසිණි.
'සී2021ඒ1' යන නමින් ද නම් කර ඇති මෙම වල්ගා තරුව, 'ලෙනාඩ් වල්ගා තරුව' යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් ලෙසය.
(රොයිටර්)