ලූලා වැටිලා ඔලුව වැදිලා



බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසියේ රෝහල්ගත කෙරුණු බව එරට මාධ්‍යා වාර්තා කරයි. 

78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ දී පැවැත්වීමට නියමිතය. බ්‍රසිලීය, ‘බ්‍රික්ස්’ සමුළුවේ ප්‍රධාන සාමාජිකයෙකි. 

ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට උපදෙස් දී ඇත්තේ දිගු දුර ගුවන් ගමන්වලට එක් වීමෙන් වළකින ලෙසය. ඒ අනුව, බ්‍රසීල ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වනු ඇත්තේ ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වෙන්නේ ‘බ්‍රික්ස්’ සාමාජික රටවල එකමුතුවෙනි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය. මේවනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර රුසියාව බලා යන්නේ මාස කීපයක් ඇතුළත දෙවැනි වරටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS