ලන්ඩනයේ විරෝධතා



බි‍්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇති කරුණූවලට විරෝධය පල කරමින් බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක් පැවැත්වූ බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ලන්ඩන් නුවර පිහිටි කම්කරු පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වා ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කර සිටී. බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා සංසදය ඇතුළු සිංහල ඩයස්පෝරාවේ පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. කොන්සර්වේටිව් පක්ෂයේ නායකයින් එල්.ටී.ටී.ඊ හිතවාදීන් බව පවසමින් බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා සංසදයේ සාමාජිකයින් ඇතුළු ලාංකික සටන් පාඨ කියමින් හා ශ්‍රී ලංකා ධජය ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණවල නිරත වු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

බි‍්‍රතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ විසින් එළිදක්වා ඇති මැතවරණ ප‍්‍රකාශය තුළ ශ‍්‍රී ලංකාවට රාජ්‍ය දෙකක විසදුම් ලබාදිය යුතු බවට සටහන් කර තිබිණි.මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකාව මහ මහකොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය ද කන්සර්වේටිව් පක්ෂය වෙත ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ එම පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිසිදු ලෙසකින්වත් පිළිගත නොහැකි බවය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS