රුසියා හමුදා යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

රුසියන් හමුදා යුක්රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ගුවන් ප්‍රහාර වැඩි කර ඇති බවත්, යුත්රේනයේ කීව් අගනුවර ප්‍රධාන පාලම් රැසක්, රුසියන් හමුදා ප්‍රහාරවලින් විනාශ වී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, උදෑසන රුසියන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාර කීව් අගනුවර පිව්නිච්නි පාලම විනාශ විය. ඊට පෙර, රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පිව්දෙන්නි නමැති පාලම විනාශ වුණු බව වාර්තා විය. පිව්නිච්නි පාලමට එල්ල වුණු ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ දෙදෙනක් තුවාල ලැබූහ.
පිව්නිච්නි පාලම උතුරු දෙසින් පිහිටි එකක් වන අතර, පිව්දෙන්නි යනු දකුනු දෙසින් පිහිටි පාලමකි. ඒ අතර මැද තවත් පාලම් තුනක් ඇතැයි පැවැසෙයි. ඒ ඩින්පිරෝ ගංගාව හරහාය.
රුසියන් හමුදා මෙසේ යුක්රේනයේ පිව්නිච්නි පාලම ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, කිව් අගනුවර සංචාරයකට පැමිණ සිටියේය. ඒ, ආරක්ෂක හේතූන්මත පෙර දැනුම් දීමක් නොකරය.
ජර්මන් චාන්සලර්වරයා සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, නායකයන් දෙදෙනා රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් හමුදා ප්‍රහාරවලින් මියගිය යුක්රේන සෙබළුන් වෙනුවෙන් පිහිටුවා ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුවිය.
රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේනයට දිගින් දිගටම සහාය ලබා දෙන බවට ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, යුක්රේන ජනාධිපතිවරයා හමුවේ සහතික විය. යුරෝ බිලියන 1.3 ක (ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක්) නව ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට ද ජර්මනිය කැමැත්ත පළ කර ඇත.

