රුසියාව සමඟ හැප්පිලා දිනන්න කාටවත් බෑ



ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේ දී රුසියාව පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රාජ්‍යයන්, දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බවත්, රුසියන් යුක්රේන සාම කතා මේ වනවිට ඔවුන්ට අමතක වී ගොස් ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් චෝදනා කරයි.

පසුගිය දා අවසන් වුණු ‘ජී 7’ සමුළුවේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කර තිබේ.

ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන ඕනෑම රටක හමුදාවක් සමඟ රුසියන් හමුදාව ඕනෑ වෙලාවක යුද්ධයකට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS