රුසියාවේ ප්‍රවාහන ඇමැති දිවිනසාගෙන



රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරෝවොයිට් දිවි නසා ගත් බව පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ස්ටාරෝවොයිට් සිය ධුරයෙන් නෙරපා දමා පැය කීපයක් යද්දීය.

හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මළසිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවුණු බව ද පැවැසෙයි.

රුසියන් ජනාධිපති පුටින්, ස්ටාරෝවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවැසෙයි.


RECOMMEND POSTS