රුසියාවේ නව කොරෝනා ආසාදිතයෝ 7,000 ක්
රුසියාවෙන් වාර්තා නව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 7,000 ක් වාර්තා වන බවත් සමස්ත ආසාදිතයන් ගණන 6,13,994 ක් බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි.
ගතවුණු පැය 24 ඇතුළත රුසියාවෙන් මරණ 92 ක් වාර්තා විය. ඒ අනුව රුසියාවේ මරණ සංඛ්‍යාව 8,605 ක් දක්වා ඉහළ ගියේය.
‘කොවිඞ් 19’ උවදුර මැද රුසියාවේ ජනමත විමසුමක් ආරම්භ වී ඇත. අද (25) ආරම්භ වුණු එම ජනමත විමසුම අවසන් ජූලි 1 වැනිදාය. ජනමත විමසුම පැවැත්වෙන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ධුර කාලය 2036 තෙක් දීර්ග කර ගැනීමට උත්සහ ගැනීම නිසා යැයි විපක්ෂයෙන් චෝදනා එල්ල වෙයි.
මොස්කව්හිදීය (රොයිටර්)