රුසියාවේ දැඩි සීමා



දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට රුසියාව පියවර ගත්තේ ය.

පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට ද රුසියානු බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ජනාකීර්ණ ස්ථානවලදී, පොදු ප්‍රවාහනයේදී, කුලී රථවලදී සහ විදුලි සෝපානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වේ.

පස්වරු 11 සිට පසුදා උදෑසන 6 වනතෙක් පොදු උත්සව හා ඉසව් පැවැත්වීම තහනම් වන අතර එම කාලයේදී ආපනශාලා සහ අවන්හල් ද වසා තැබිය යුතු ය.

රුසියාවෙන් අඟහරුවාදා, එනම් ඊයේ (27) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 320කි.

ලොව සිවුවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,547,774කි. රුසියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 26,589කි.

රුසියාව තුළ නව කොරෝනා වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මොස්කව් නුවර වන අතර අවුරුදු 65 වැඩි පිරිස්වලට නිවෙස්වලට වී සිටින්නැයි ද බලධාරීහු මේ මස මුලදී දැනුම් දුන්හ.

වයිරසය පැතිර යෑම ආරම්භ වූ අවස්ථාවේදී රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමට රුසියානු බලධාරීහු පියවර ගත්හ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS