රුසියානුවන්ට ගූගල් මෙවලම් තහනම්



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදරෙුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් ගූගල් සමාගම රුසියානුවන්ට ගූගල් සේවා තාවකාලිකව නවත්වා දමා ඇත.

රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම්  යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති  වීඩියෝ සඳහා  නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත.

සෙනසුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට මෙම ගූගල් සේවා තහනම පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බවත්ය.

රුසියන් ටුඩේ යනු යූ ටියුබ් ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.

ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන  තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බවයි.

(බීබිසී)


RECOMMEND POSTS