රුසියන් හමුදා ප්‍රධානියා ඉවත් කෙරේ



රුසියන් යුක්රේන යුද්ධය මෙහෙයවීමට පත් කළ, ප්‍රධාන හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් සර්ගේ සුරෝවිකින් තනතුරෙන් ඉවත් කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ. ඒ, රුසියාවේ යුද අරමුණු ඉටු කර ගැනීමට ඔහු අසමත් බව පෙන්වා දෙමිනි.

සර්ගේ සුරෝවිකින් වෙනුවට ජෙනරල් වැලරි ජෙරිස්මෝව් නව හමුදා ප්‍රධානියා ලෙස පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ නැගෙනහිර යුක්රේනයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී රුසියානු හමුදා දැඩි පසුබෑමකට ලක්වූ බව යුක්රේනය ප්‍රකාශ කළ අතර ජනපති පුටින්ගේ ක්‍රියාකලාප මගින් ද ඒ බව තහවුරු වී තිබේ.

එමෙන්ම එරට ආරක්ෂක ප්‍රධානීන් රැස්වූ අවස්ථාවක දී යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන කෙර්සෝන් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද හිටපු ජෙනරාල් සර්ජි සුරෝවිකින්ට චෝදනා එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS