රටවල් රැසක චීන හමුදා තදවුරු



ඉන්දියාවේ අසල්වැසියන් වන ශ්‍රී ලංකාවේ, පාකිස්තානයේ සහ මියන්මාරයේ පමණක් නොව, තවත් රටවල් 9 ක හමුදා කඳවුරු පිහිටුවා ගැනීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

 

චීනය මෙම රටවල ඔවුන්ගේ හමුදා කඳවුරු පිහිටුවීමට සැරැසෙන්නේ, චීනයේ හමුදා ශක්තිය තර කර ගනිමිනි. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ මියන්මාරයට අමතරව සෙසු රටවල් වන්නේ තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, කෙන්යාව, සීෂෙල්ස්, ටැන්සානියාව, ඇන්ගෝලාව සහ ටජිකිස්තානයයි.

මෙම රටවල හමුදා කඳවුරු පිහිටුවා, හමුදා ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය චීන රජය මෙම 2020 වසර සඳහා පළ කළ හමුදා සහ ආරක්ෂක සංවර්ධන වාර්තාවේ දැක්වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS