යුරෝපා රටවල දරුණු නියඟයක්



යුරෝපා මහද්වීපයේ රටවලින් තුනෙන් එකක් දරුණු නියඟයකට මුහුණ දෙමින් සිටින බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ‘ගෝලීය නියඟ නිරීක්ෂණාගාරයේ’ විද්‍යාඥයන්ය.

එම විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ වසර 500 කට පසුවය. විද්‍යාඥයන් නිකුත් කළ වාර්තාවකට අනුව, යුරෝපා මහද්වීපයෙන් සියයට 47 ක් පස වියළී ගොස් තිබේ. තවත් සියයට 17 ක ප්‍රමාණයක පස වගා කටයුතු සඳහා යෝග්‍ය නොවන තත්ත්වයකට පත් වෙමින් තිබේ.

මේ වනවිට යුරෝපා රටවල අධික වියළි කාලගුණයක් පවතින අතර, අසාමාන්‍ය අයුරින් ළැව් ගිනි පැතිර යයි. පසුගිය කාලයේ ළැව් ගිනි වැඩි වශයෙන් දකින්න ලැබුණේ දකුණු දිග යුරෝපා රටවලිනි.

පසුගිය පස් වසරක කාලය හා සන්සන්දනය කරද්දී, ධාන්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය සියයට 16 කින් ද, සෝයාබෝංචි නිෂ්පාදනය සියයට 15 කින් ද සූර්යකාන්තමල් නිෂ්පාදනය සියයට 12 කින් ද අඩු වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS