යුද්ධය ගැන පුටින් ට වැරදි තොරතුරු දීලා



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, රුසියන් හමුදා උපදේශකයන් ඔහුට දුන් වැරදි තොරතුරු අනුව යැයි සන්නිවේදන කටයුතු සම්බන්ධ ධවල මන්දිර ප්‍රකාශිකා කේට් බෙඩින්ෆීල්ඩ් පවසයි.

කේට් බෙඩින්ෆීල්ඩ් මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.

වැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් සිය හමුදා උපදේශකයන් සමඟ දැඩි කේන්තියෙන් පසුවන බව ද බුද්ධි අංශ අනාවරණය කර තිබේ. ‘රුසියන් හමුදා ප්‍රධානීන්, ජනාධිපති පුටින් නොමඟ හැර තිබෙනවා. හමුදා උපදේශකයන් ඔහුට ලබා දුන් උපදෙස් අනුවයි ඔහු රුසියාවට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත්තේ. ඒත් එය සාර්ථක වුණේ නැහැ. ඒ ගැන දැන් පුටින් ඉන්නේ කේන්තියෙන්.’ යැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කළේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය.

(රොයිටර්)


RECOMMEND POSTS