යුක්රේන දරුවන්ට රුසියන් දේශපාලනය



රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක කාලය ඇතුළත අවම වශයෙන් යුක්රේන දරුවන් 6000 ක පමණ පිරිසක් රුසියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු 43 ක රඳවා තබා ගනිමින් එම දරුවන් රුසියාවේ මතයට නැඹුරු කිරීම සඳහා දේශපාලනික සහ හමුදාමය අධ්‍යාපනය ලබා දී ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපදය නිකුත් කළ වර්තාවක දැක්වෙයි.

රඳවා ගත් ඇතැම්  දරුවන්ට අවි පුහුණුව ලබා දී ඇතැයි වාර්තාවේ සඳහන් වූවත් ඒ පිළිබඳ සාක්ෂි නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
පිටු 35 කින් යුත් මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ යුක්රේන  දරුවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව රුසියානු පාලනය යටතේ තිබෙන කඳවුරු වල රඳවා ගෙන සිටින බවත් එය යුධ අපරාධයක් බවත්ය.එම කඳවුරු වල වයස මාස 4 ක පොඩිත්තන් පවා සිටින බව එම වාර්තාවේ දැක්වේ.

එම කඳවුරු සිටින දරුවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව දරුකමට හදා වඩා ගැනීම සඳහා ලබා දී ඇතැයිද  එම වාර්තාවේ සඳහන් කර තිබේ.මෙසේ යුක්රේන දරුවන් පැහැර ගනිමින් ඔවුන් යුක්රේනයට යෑම වළකා රුසියාවේ මතයට හරවා ගැනීම සහ ඔවුන් අවසරයකින් තොරව දරුකමට හදා වඩා ගැනීමට ලබා දීම යුද අපරාධයක් බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS