යුක්රේනයේ කොරෝනා වැඩිවීමක්



යුද ගැටුම් මැද, ලබන ඔක්තෝබර් මාසය වනවිට යුක්රේනයේ ‘කොවිඩ් 19’ වසංගතයේ ඉහළ යෑමක් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස්  අනතුරු අඟවයි.

මේ වනවිට යුක්රේනයේ ‘කොවිඩ් 19’ රෝගීන්ගේ වේගවත් වැඩිවීමක් දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සොයා සිදුවන පරීක්ෂණ ද මේ වනවිට අඩපණ වී ඇති බව යුක්රේන සෞඛ්‍ය අංශ ද පවසා තිබේ. රෝහල් සඳහා ඔක්සිජන් සැපැයීම ද අඩපණ වී ඇතැයි පැවැසෙයි.

‘කොවිඩ් 19’ වයිරසය පමණක් නොව, යුක්රේනයේ පෝලියෝ වයිරසට හිස එසැවීමේ අවදානමක් ද ඇතැයි යුක්රේන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS