මුහුණට මුහුණ ඇමැති හමුවක්
මාර්තු මස 17 වැනිදායින් පසු පළමු වරට කැබිනට් හමුවක් ලන්ඩන් නුවර, ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වුණු අතර බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ මන්ත්‍රීවරුන් මුහුණට මුහුණ හමු වී කැබිනට් හමුවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.
නව කොරෝනා වයිරසය නිසාත් ඒ හේතුවෙන් පැනවූ සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ඇතුළු සෞඛ්යාරක්ෂිත පියවර නිසාත් බොහෝ පරිපාලන රැස්වීම් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය නැවත ගොඩගැනීම සහ රටේ අනෙකුත් අංශ නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම කැබිනට් හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විණි.
සතිපතා පැවැත්වෙන කැබිනට් රැසක් අවලංගු වූ අතර ඇතැම් ඒවා විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් රැසකට ද නව කොරෝනා වයිරසය ආසාදනය විය.
කෙසේ නමුත් නැවත රැකියාවලට පැමිණෙන්නැයි ද නැවතුණු කටයුතු නැවත ආරම්භ කරන්නැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය සති කිහිපයේදී පැවැසීය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකය දැනටමත් දැඩි පසුබැසීමකට ලක්ව ඇත. වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් තවදුරටත්, එනම් දීර්ඝකාලීනව ‘ලොක්ඩවුන්’ සීමා පැනවුවහොත් ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වනු ඇතැයි පැවසේ.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් මාස කිහිපයකට ආසන්න කාලයක් මිලියන ගණනක් නිවෙස්වලට කොටු වී සිටියහ.
කැබිනට් හමුවට සහභාගී වීමට පෙර සියලු අමාත්‍යවරුන් ඔවුන්ගේ දෑත් පිරිසුදු කර ගත යුතව තිබූ අතර සෑම අමාත්‍යවරයකුටම වෙන වෙනම වතුර බෝතලය බැගින් ලබාදුන්නේය. අමාත්‍යවරුන් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ද අත්‍යවශ්‍ය විය.
සාමාන්‍යයෙන් කැබිනට් හමුව පැවැත්වෙන්නේ ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි කැබිනට් හමු පැවැත්වෙන කාමරයේ ය. එහෙත් මෙවර කැබිනට් හමුව පැවැත්වූයේ විදේශ අමාත්‍යාංශයට අයත් කාර්යාලයේ පිහිටි විශාල කාමරකය.
විදේශ අමාත්‍යාංශයට අයත් කාර්යාලය පිහිටා ඇත්තේ ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයට විරුද්ධ පසය. ඇතැම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ ඩව්නින් වීදියේ මාර්ගය හරහා අනෙක් පසට යන අයුරු ද දක්නට ලැබිණි.
වයිරසයේ ව්‍යාප්තිය සඳහා පැනවූ සීමා ඉතා ඉක්මනින් ලිහිල් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. පොදු ප්‍රවාහනයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර බොහෝ පිරිසකට රැකියාවලට පැමිණීමට නොහැකි වී ඇත්තේ ද ඒ නිසාය. ඒ අනුව පොදු ප්‍රවාහනයට පැනවූ සීමා ලබන මාසය වනවිට ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලාපොරොත්තු වේ. හැකි සෑම අවස්ථාවකදීම ප්‍රවාහනය, ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කරන්නැයි ද බ්‍රිතාන්‍ය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
රොයිටර්ස්