මුස්ලිම් සමුළුවට පාකිස්තානය නෑ
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව ආරම්භ වුණු අතර ඊට සහභාගී නොවීමට තීරණය කළේ යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.
ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන රජය වෙනුවෙන්, මේ බව නිවේදනය කළේ පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂී ය. මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි ‘මුස්ලිම් සමුළුව’ සිවු දිනක් තිස්සේ පැවැත්වෙනු ඇත.
මුස්ලිම් රාජය නායකයන්ගේ සමුළුව පැවැත්වෙන්නේ සෞදියේ සල්මන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේත්, මැලේසියා අගමැති මහතීර් මොහොමද්ගේත් අදහසකට අනුවය.
කටාර් අර්බුදය ඇතුළු අර්බුද රැසක් මුල්කොට ගනිමින් මුස්ලිම් රටවල් අතරේ ගැටුම් පවතී. මෙම ගැටුම් නිරාකරණය කර ගැනීමේ අරමුනින්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට විකල්පයක් ලෙස නව සංවිධානයක් පිහිටුවා ගැනීමට සොෟදිය උනන්දු වෙයි. ක්වාලාලාම්පූර් සමුළුව ආරම්භ වූයේ ඒ නිසාය.
සෞදියත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් පාකිස්තානයේ සමීපතමයන් වන අතර, තමන් සමුළුවට සහභාගී නොවන්නේ, මුස්ලිම් රටවල් සමඟ අපක්ෂපාතීව සිටීමට අවශ්‍ය නිසා යැයි අගමැති ඉම්රාන් ඛාන් පැහැදිලි කර ඇත. විදේශ ඇමැති කුරේෂි ද පවසා ඇත්තේ තමන් හෝ පාකිස්තාන කිසිදු නියෝජිතයකු හෝ සමුළුවට සහභාගී නොවන බවය.
තමන් සමුළුවට සහභාගී නොවන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, සෞදියේ සල්මාන් රජුට සහ තුර්කියේ ජනාධිපති රිජෙප් තායිප් එරදොවාන්ට ඇමතුමක් දී පැහැදිලි කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)