මුල් තැන වයිරසයට
සියලු කරුණු කාරණා පසෙකලා මුල් තැන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට දී ඇති බවත්, මහා බ්‍රිතාන්‍යයේ වයිරසය පැතිරීම වැළැක්වීමට හැකි සියලුම ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් අගමැති බොරිස් ජොන්සන් කියයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙසේ කියා සිටියේ, හදිසි අමාත්‍ය මණ්ඩල හමුවකින් පසුවය. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇත. මරණ කිසිවක් වාර්තා නොවන අතර, ආසාදිතයන් 8 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.
(අල් ජසීරා)