මිලියන 1.7 කට විදුලිය නෑ



ඇමෙරිකාට කඩා වැදුණු බිහිසුණු හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.7 කට විදුලිය බලය අහිමි වූ බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් මරණ 13 ක් ද වාර්තා වේ.

ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවීමත් සමඟ නත්තල් නිවාඩුවට තම නිවෙස් කරා යෑමට සූදනම් වූ ඇමෙරිකානුවන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවන්ට ලක්වුණු බව ද පැවැසෙයි.

හිම කුණාටුවේ බලපෑමට ලක්වුණු ඇමෙරිකන් ජනපද ගණන 6 කි. ඊයේ (24) පමණක් අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 1,900 ක් බව පැවැසෙයි. 23 වැනිදා අවලංගු කිරීමට සිදුවුණු ගුවන් ගමන් ගණන 6,000 කි.

(රොයිටර්)


RECOMMEND POSTS