මිච් මැකොනෙල් නැවත සෙනට් සභාවට



ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ බහුතර නායක, සභානායක ලෙස කටයුතු කළ මිච් මැකොනෙල් නැවත සෙනට් සභාවට තේරී පත්ව ඇත.

කෙන්ටකි ප්‍රාන්තය නියෝජනය කරමින් මිච් මැකොනෙල් මැතිවරණයට තරග කළ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ඇමී මැක්ග්‍රාත් මිච් මැකොනෙල්ගේ ප්‍රතිවාදිනිය වූවා ය.

කෙන්ටකි ප්‍රාන්තය රිපබ්ලිකන් පක්ෂයට වැඩි වාසි අත් කර දෙන ප්‍රාන්තයක් ලෙස සැලකෙන අතර මිච් මැකොනෙල් ජයග්‍රහණය කරනු ඇතැයි මුල සිටම අනාවැකි පළ වී තිබිණි.

කෙසේ නමුත් මැතිවරණය දින ආසන්න වනවිට ඇමි මැක්ග්‍රාත් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය දැඩි තරගයක් දුන් බව ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ නමුත් සෙනට් සභාවේ බලය කාට හිමිවනු ඇත්ද යන්න තවමත් නිශ්චිත නැත.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS