මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවලින් 17 ක් මරුට
බටහිර බෙංගාල මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සිදුවුණු ප්රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණැයි මැතිවරණ කොමිසම පවසයි.
ගැටුම් හටගෙන ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් සහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල් කොංග්රස් පක්ධයේ සාමාජිකයන් අතරේය.
මැතිවරණ ජයග්රහණයෙන් පසු, පිටපිට තෙවැනි වරටත් බටහිර බෙංගාලයේ මහ ඇමැති ධුරය මමතා බෙනර්ජි ට හිමිවිය. ඇය යළි මහ ඇමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
දිනෙන් දින ඔඩුදුවන කොරෝනා වසංගතය පාලනය කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට එරෙහි පළමු වෙඩි මුරය පත්තු කිරීමට බටහිර බෙංගාලය සමත් වුණැයි දිවුරුම් දෙමින් මමතා බෙනර්ජි පැවැසුවාය.
ඉන්දියාවේ එකම කාන්තා මහ ඇමැතිනිය වන්නේ ද 66 හැවිරිදි මමතා බෙනර්ජිය. බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව ආසන 294 කින් සමන්විත අතර, මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල කොංග්රස් පක්ෂය ආසන 200 කට වඩා දිනා ගැනීමට සමත් විය. යළි ධුරයේ දිවුරුම් දෙමින්, මහ ඇමැතිනිය වැඩි දුරටත් කිය සිටියේ, තමාගේත් තම ප්‍රාන්ත රජයේත් ප්‍රධානතම කාර්යය බෙංගාලයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම යැයි ද මහ ඇමැතිනිය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, ත්‍රිණමූල කොංග්රස් පක්ෂයට අභියෝග කරමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ, මමතා බෙනර්ජි සමීපතමයන් බොහෝ දෙනකු භාරතීය ජනතා පක්ෂය වෙත හරවා ගනිමිනි. බටහිර බෙංගාල ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට 'භාරතීය ජනතා පක්ෂය' ට හැකි සෑම උත්සාහයක් ම දැරූ නමුත් එය අසාර්ථක විය.
බටහිර බෙංගාලයේ කොරෝනා ආසාදිතයන් ගණන කෝටි 846 කි. මරණ වාර්තා වන්නේ 11,447 ක් ලෙසය. ප්‍රාන්ත මැතිවරණයට සියලු කටයුතු සූදානම් වී, මැතිවරණය අදියර 8 කින් පැවැත්වීමට ඉන්දීය මැතිවරණ කොමිසම තීරණය කළ අවස්ථාවේදී, මහ ඇමැතිනී බෙනර්ජි විරෝධය දැක්වූවාය.
වසංගතය සැලකිල්ලට ගනිමින් අදියර අඩු ගණනකින් මැතිවරණය පැවැත්වීම කළ යුතු යැයි ඇය ඉන්දීය මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පමණක් නොව, භාරතීය ජනතා පක්ෂ දේශපාලන නායකයන් බටහිර බෙංගාලය පුරා මහා ජනරැලි සංවිධානය කළේ ද කොරෝනා වසංගතය උත්සන්න වී තිබියදීය. බටහිර බෙංගාල ප්‍රාන්තය කෙසේ හෝ ජයගත යුතු යැයි මෝදි ඔහුගේ පක්ෂ නායකයන්ට පවසා තිබුණැයි ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.
කෙසේ නමුත් මැතිවරණ පරාජයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි, මමතා බෙනර්ජිට සුබ පැතීමට අමතක නොකළ අතර, ඉන්දීය මධ්‍යම රජයේ සහාය දිගටම මමතා බෙනර්ජිගේ ප්‍රාන්ත රජයට ලබා දෙන බව ද අවධාරණය කර තිබේ.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)