මැතිවරණය කල් දාන්නේ නෑ
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය මෙම සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, වයිරසය ඊට බාධාවක් නොවනු ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් පවසා ඇත.
මැතිවරණයට අදාල සෞඛ්‍ය පිළිවෙත් මේ වනවිට නවසීලන්ත මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති බව ද පැවැසෙයි.
නවසීලන්තය කොරෝනා වයිරස පාලනය අවම කර ගැනීමට සමත් වූ රටවලින් එකකි. නවසීලන්තයේ ජන ජීවිතය මේ වනවිට කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව වාර්තා වේ.
(රොයිටර්)