මාස්ක් දැමීම අනිවාර්යයි
යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට ලෙස සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍යයයි. වාර්තා වන ආසාදිතයන් ගණන 46,500 ඉක්මවා ඇත. එසේ වුවත් ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීම සිදු වී ඇති අතර, බ්‍රිතාන්‍ය වැසියන්ට සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.
එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ වැසියන්ට නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් ලබා දීම ද සිදු කෙරේ. ප්‍රංශයේ පැරිස් නුවර වැසියන්ට ද මේ වනවිට මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ. ඉතාලියෙන් ද තවමත් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි.
ඊයේ (8) එරට සෞඛ්‍ය අංශ කියා සිටියේ නව ආසාදිතයන් 347 දෙනකු වාර්තා වූ බවය. තවමත් දිනපතා 200 ත් 300 ත් අතර ආසාදිතයන් ඉතාලියෙන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සෙසු යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය සහ ජර්මනියෙන් ද ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.
(රොයිටර්)