මාලි කුමන්ත්‍රණකරුවෝ සාකච්ඡා පවත්වති
මාලි රාජ්‍යයේ යළි සිවිල් පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන්, එරට කුමන්ත්‍රණය කරමින් බලය අල්ලා ගත් හමුදා ප්‍රධානීන් සහ බටහිර අප්‍රිකා රටවල ආර්ථික එකමුතුව අතරේ සාකච්ඡා පැවැත්විණි.
මාලි දේශපාලනික අර්බුදය කඩිනමින් අවසන් කිරීමට බටහිර අප්‍රිකා රටවල ආර්ථික එකමුතුව සම්බන්ධ වී සිටින්නේ මැදහත්කරුවකු ලෙසය. කෙසේ නමුත් පැවැති සාකච්ඡා මිනිත්තු 20 කට පමණක් සීමා වූ බවත්, සාකච්ඡා සාර්ථක නොවුණු බවත් මාලි පුවත් සේවා වාර්තා කරයි.
(අල් ජසීරා)