මධ්‍යම ආසියාවේ රටවලට හිටිහැටියේ විදුලිය බිඳ වැටේ
මධ්‍යම ආසියානු රටවල් වන කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ කසක්ස්තානයේ ප්‍රධාන නගර රැසක හිටිහැටියේ විදුලිය විසන්ධිවීමක් සිදුවුණු බවත්, මිලියන ගණනක් වැසියන් මහත් සේ පීඩාවට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටිහැටියේ විදුලිය විසන්ධි වූයේ, මෙම රටවල් තුනට විදුලිය සැපයුම් පද්ධතියේ හටගත් දෝෂයක් නිසා යැයි පැවැසුණත්, එම දෝෂයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ කසක්ස්තානය එක ළඟ පිහිටි රටවල් වන අතර මෙම රටවල් අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ කසක්ස්තානය රුසියානු හිතවත් රටවල් ලෙස සැලකෙයි.
(රොයිටර්)