බෝල්ටන්ගේ පොත ජාතික ආරක්ෂාවට තර්ජනයක්
හටගත් මත ගැටුම් හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ උරණ වී සිටින හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මුද්‍රණය කිරීමට සැරැසෙන ‘ටොප් සීක්රට්’ නමැති ග්‍රන්ථය ඇමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ධවල මන්දිරය පවසයි.
ධවල මන්දිරය මේ බව කියා සිටියේ මුද්‍රණය කිරීමට නියමිත එම ග්‍රන්ථයේ පිටපතක් අධ්‍යනය කිරීමෙන් පසුවය. දේශපාලන වාසි වෙනුවෙන් ජනපති ට්‍රම්ප් යුක්රේනයට ලබා දෙන ආධාර අත්හිටුවීම, දෙවැනි ධුර කාලය සම්පූර්ණ කිරීමට ජනපති ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහාය ඉල්ලා සිටි බව ද සඳහන් වෙයි.
තම ආරක්ෂක උපදේශකවරයා ලෙස ජෝන් බෝල්ටන් පත් කර ගත්තේ ද ජනාධිපති ට්‍රම්ප්ය. දෙදෙනා අතරේ මත ගැටුම් හටගත්තේ උතුරු කොරියාව සම්බන්ධයෙනි.
ට්‍රම්ප් උතුරු කොරිවා නායක කිම් ජොන් උන් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට සූදානම් වෙද්දී, ආරක්ෂක උපදේශක ලෙස බෝල්ටන්ගෙන් ඊට විරෝධය එල්ල විය.
වොෂින්ටනයේදීය (රොයිටර්)