බෙලරූසයට යුක්රේන මිසයිලයක් ඇවිල්ලා



යුක්රේනය දෙසින් ආ මිසයිලයක් පහර දී විනාශ කිරීමට බෙලරූස් හමුදාව සමත් වූ බව එරට ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බෙලරූස් ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ එරට හමුදාව විනාශ කළේ එස්.300 වර්ගයේ මිසයිලයක් බවය.

බෙලරූස් රාජ්‍යය යුක්රේනයේත්, රුසියාවේත් අසල්වැසියාය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ බෙලරූස් රාජ්‍යයේ සහාය ඇතිවය.

බෙලරූසයේ දීර්ඝ කාලයක් ජනාධිපති ධුරය හොබවන ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරාය.

(රොයිටර්)


RECOMMEND POSTS