බුදුන් දේශනා කළේ යුද්ධය නොවෙයි සාමය



බුදුන් වහන්සේ දේශනා කළේ ‘සාමය’ මිස ‘යුද්ධය’ නොවන බව, ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේය.

ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්, ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

‘වසර දහස් ගණනක් තිස්සේ අප (ඉන්දියාව) අපේ දැනුම ලොවට බෙදා දෙනවා. බුද්ධ දර්ශනය අනුව, ඉන්දියාව හැමවිටම ලෝකයට ගෙන යන්නේ සාමයයි. යුද්ධය නොවෙයි.’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රියාවේ ඉන්දීය ප්‍රජාව අමතමින් කියා සිටියේය.

ඔස්ට්‍රියාවේ වෙසෙන ඉන්දියානුවන් ගණන 31,000 කි. 

අග්‍රාමාත්‍ය මෝදි දෙදින නිල සංචාරයක් සඳහා වියානා බලා පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුවය. 

ඔස්ට්‍රියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොන් ඩර්ලින් සහ චාන්සලර්වරයා වන කාර්ල් නෙහැමර්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි.

ඉන්දු ඔස්ට්‍රියා ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් පසුවය.

මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දිරා ගාන්ධිය. ඒ, 1983 වසරේදීය.


RECOMMEND POSTS