බුටිගෙග් ඡන්ද සටනින් ඉවත් වෙයි



ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන්, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද සටනින්, ඉදිරියෙන් සිටි අපේක්ෂක පීට් බුටිගෙග් ඉවත් වීමට තීරණය කළේය.

සමලිංගිකයකු ද වන 38 හැවිරිදි පීට් බුටිගෙග් ඉන්දියානා ප්‍රාන්තයේ පුරපති ධුරය හෙබවූ අයෙකි. ඩිමොක්‍රටික් ජනපති ධුර අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් පීට් බුටිගෙග්ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ වුණත්, පසුව එය මන්ගාමී ස්වරූපයක් ගත් බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2020 ජනාධිපතිවරණය මෙම නොවැම්බරයේ පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන්, වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් තරග වදී.

තවමත් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වෙනුවෙන් අපේක්ෂකයෝ  6 දෙනෙක් තරග වදිති. ඒ අතරින් ඉදිරියෙන් සිටින බව පැවැසෙන්නේ බර්නි සැන්ඩර්ස්ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS