බීජීං අගනුවරින් නව ආසාදිතයෝ හමුවෙති
චීනයෙන් ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් 18 දෙනකු වාර්තා විය. එම ආසාදිතයන්ගෙන් 9 දෙනකු වාර්තා වී ඇත්තේ බීජීං අගනුවරිනි.
එම ආසාදිතයන් නව දෙනා රට තුළින් වාර්තා වන නව ආසාදිතයන් පොකුරට අයත් බවත් සෙසු පිරිස විදේශවලින් චීනයට ආ චීන ජාතිකයන් බවත් පැවැසෙයි.
චීනයේ ‘කොවිඩ් 19’ මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදු වුණු බවත්, ඒ අනුව එම සංඛ්‍යාව 7,000 දක්වා ඉහළ යනු ඇති බවත්, එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි. වයිරසය සම්බන්ධයෙන් ගණනය කිරීම් කරද්දී, ස්වසන අපහසුතා නිසා සිදුවුණු මරණ බොහොමයක් කොරෝනා මරණ ලෙස මීට පෙර ගණන් බලා නොතිබුණි.
වයිරස ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් නව ක්‍රමවේදයකට ගණනය කිරීම් සිදු කරන බැවින් අලුතින් මරණ 3,069 ක් ඊට ඇතුළත් වුණු අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 7,000 තෙක් ඉහළ ගිය බව චීන රජය පැහැදිලි කර තිබේ.
බීජීං නුවරදීය (රොයිටර්)