බිහිසුණු පෝලියෝ ප්‍රභේදයක් හමුවෙලා



නව පෝලියෝ වයිරස ප්‍රභේදයක් ගාසා තීරයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මෙය භයානක තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.

ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම නව පෝලියෝ ප්‍රභේදය හමුවුණු බව ද පැවැසෙයි. මෙය සාමාන්‍ය පෝලියෝ ප්‍රභේදයට වඩා බිහිසුණු බව ද පැවැසෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පැහැදිලි කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීනුවන්, මෙම වයිරසය නිසා තවත් ලොකු අවදානමකට මුහුණ දෙනු ඇති බවය.

මෙම නව පෝලියෝ වයිරස ප්‍රභේදය VDPV2 නම් කර තිබේ.


RECOMMEND POSTS