බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි



ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් මාධ්‍ය පන්වා දී ඇත්තේ, ඉදිරි සිවු වසරක කාලයේ ට්‍රම්ප් ජනාධිපති ලෙස තනිවම සිය වැඩ රාජකාරි කරනු ඇති බවත්, මෙලානියා රාජකාරි අවශ්‍යතාව අනුව, ධවල මන්දිරයට පැමිණෙනු ඇති බවත්ය.

2016 සිට 2020 දක්වා ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ දී මෙලානියා සහ පුතු බැරන් පදිංචිව සිටියේ ධවල මන්දිරයේය. මෙලානියා ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳය.

සාමාකාමීව බල හුවමාරුවක් සිදුවන බව තහවුරු කරමින්, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායට අනුව, ට්‍රම්ප් සහ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

සම්ප්‍රදායට අනුව, බයිඩන් බිරිඳ මෙන්ම වත්මන් ජනාධිපති ආර්යාව ද වන ජිප් බයිඩන් සහ ධුරයට තේරීපත් වන ජනාධිපතිවරයා වන ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා අතරේ ද සුහඳ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් මෙලානියා ධවල මන්දිරයට පැමිණි නොසිටි බැවින් එසේ හමුවක් සිදු නොවිණි.


RECOMMEND POSTS