බැචලේගේ චීන සංචාරය අවසන්



සය දින චීන සංචාරය නිමා කරමින්, ආපසු ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිචෙල් බැෂලේ පවසා ඇත්තේ තමන් චීනයට ගියේ චීනයේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන විමර්ශනයකට නොවන බවය.

චීනය, එරට උයිගුර් මුස්ලිම් වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවත්,  උයිගුර් මුස්ලිම් වැසියන් දැඩි ලෙස මර්දනය කරමින්, ඔවුන් සමූල ඝාතනය කරන බවටත් චෝදනා නගා ඇත්තේ ඇමෙරිකාවය.

චීන රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, මිචෙල් බැෂලේ සහ නියෝජිත කණ්ඩායමක් චීනයට ගියේ ඒ සම්බන්ධයෙන් චීන රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටය. ඒම ගමනේ දී බැචලේට උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන ෂින්ජියැං පළාතට යෑමට පවා චීන රජය අවසර දී තිබුණි.

චීන සංචාරය, චීනයේ මානව හිමිකම් කඩවීම් ගැන සෙවීමට කළ විමර්ශනයක් නොවන බවත්, එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් චීන බලධාරීන් හමුවී සාකච්ඡා කළ බවත්, උයිගුර් මුස්ලිම් වැසියන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් චීන රජයට එරෙහි ක්‍රියා මාර්ගයක් ගැනීමට පසුබට නොවන බවත් මිචෙල් බැෂලේ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS