බ්‍රිතාන්‍ය අගමැති දියණියට නම් තබයි



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ගේ අලුත උපන් දියණිය ට රෝයි අයිරිස් චාලට් ජොන්සන් යනුවෙන් නම් තබා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

දියණියට නම් තැබීමේ දී දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන්ගේ නම් භාවිතයට ගත් බව ද යුවළ පවසා ඇත. 'රොමී' යනු කැරීගේ නැන්දා කෙනෙකුගේ නමකි. 'චාලට්' යන නම අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ නැසීගිය මවගේ නාමයයි.

දියණිය උපත ලැබුවේ, පසුගිය දෙසැම්බර් 9 වැනිදාය. අග්‍රාමාත්‍ය ජොන්සන් සහ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ට 'විල්ෆ්‍රඩ්' නමින් පුතෙක් ද සිටී. ඔහු උපත ලැබුවේ 2020 අප්‍රේල් මාසයේය.

මේ වනවිට අග්‍රාමාත්‍ය ජොන්සන් දැඩි අර්බුදයකට ලක් වී සිටී. ඒ, මහා බ්‍රිතාන්‍යයේ 'කොවිඩ් 19' වසංගතය දරුණු වීමය. ඊයේ (16) දෙවැනි දිනයටත් බ්‍රිතාන්‍යයෙන් දෛනික කොරේනා ආසාදිතයන් වැඩිම අගය වාර්තා විය.

(රොයිටර්)

 


RECOMMEND POSTS