බ්‍රසීල ජනපතිගේ වැඩිමල් පුතුට කොරෝනා
බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝගේ වැඩිමල් පුතු 39 හැවිරිදි, ෆැවියෝ බොල්සරානෝ කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (26) තහවුරු විය.
ෆැවියෝ, ජනපති ජාර් බොල්සරානෝගේ කලින් කසාදයේ පුත්‍රයෙකි. ජාර් බොල්සරානෝ තෙවරක් විවාහ වූ අයෙකි. ෆැවියෝ, බ්‍රසීල සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි. ස්වං නිරෝධායනයට ලක් කළ ෆැවියෝ, කොරෝනා ප්‍රතිකර්මයක් ලෙස මැලේරියා නාශකයක් ලෙස සැලකෙන හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් සහ එරිත්රෝමයිසින් ඖෂධ භාවිතයට ගන්නා බව බ්‍රසීල මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් ඖෂධය අතුරු ආබාධ බහුල බවත්, එය ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කිරීමෙන් වළකින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පවසා ඇත.
කෙසේ නමුත්, හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පමණක් නොව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා භාවිතා කරයි. ජාර් බොල්සරානෝ සහ ඔහුගේ වත්මන් බිරිඳ මිෂෙල් ද කොරෝනා ආසාදිතයන් වී සුවය ලැබූහ.
බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී.)