බ්‍රසීලයේ මරණ 10,000 යි
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රසීලයේ මරණඛ 10,627 පසු කර ඇත. ආසාදිතයන් සංඛ්‍යාව 1,55,939 කි.
බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙසේ පැවැසුවත්, විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම සංඛ්‍යා මීට වඩා තුන් හතර ගුණයකින් වැඩි බවය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සේම, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ද ‘නොවිඞ් 19’ වයිරසය ව්‍යාප්තිය පාලනයට වැඩි උනන්දුවක් නොදැක්වීය. ඒ, රට ලොක්ඩවුන් කිරීමෙන් දැඩි ආර්ථික බලපෑමකට මුහුණ දීමට සිදුවනු ඇති බව පෙන්වා දෙමිනි.
(අල් ජසීරා)