බ්‍රසීලයේ ජල ගැලීම්: නායයෑම්: 78 ක් මරුට



බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරය ද අයත් රියෝ දි ජිනැයිරෝ ප්‍රාන්තයේ කඳුකර ප`දේශවලට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑම් හටගෙන ඇති බවත්, මේ වනවිට 78 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

සැඬ ජල පහර සමඟ නගර පස් තට්ටුවලින් යටවී යන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. වාහන සහ නිවාස පවා මඩ තට්ටුවලට ගසා ගෙන යන ආකාරය එම දසුන්වලින් දකින්න ලැබේ.

ජල ගැලීම් සහ නායයෑම්වලින් දරුණු ලෙස හානි සිදුවී ඇතැයි පැවැසෙන්නේ ‘පෙට්‍රෝපොලිස්’ නමැති නගරයටය. පෙට්‍රෝපොලිස් නගරාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ 50 කට වැඩි පිරිසක් ජල ගැලීම්වලට හසුවුණු බවත්, තවත් බොහෝ දෙනකු පස් තට්ටු යට සිරවී සිටින බවත්ය.

විපතට පත්වුණු පෙට්‍රෝපොලිස්නගර වැසියන්ට සහාය දැක්වීමට සොල්දාදුවන් 180 ක් යොදවා ඇති බව ද පැවැසෙයි. පෙට්‍රෝපොලිස්නගරය අයත් පෙට්‍රෝපොලිස් පළාතට සෙන්ටි මීටර් 25.8 ක වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS