බස් නැවැතුම්පොළ ඝාතනය



පන්ජාබයේ බස් නැවතුම් පොළක් අසල දී අහ්මදි ප්‍රජාවට අයත් පුද්ගලයකු ඝාතනය කිරීම හෙළා දකින බව පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

සුළුතර ජන කොටස් සහ ප්‍රජා ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් එම කොමිසම කියයි.

මේ අතර මෙම ප්‍රජාවට අයත් තවත් පුද්ගලයකුට ෂහිවාල්හි දී ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පාකිස්තාන මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS