බය වෙන්න කාරි නෑ - ට්රම්ප්
චීනයෙන් ආරම්භ වී ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් කීපයක් පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නැයි ඇමෙරිකා ජනාධිපති ජොනල්ඩ් ට්රම්ප් පවසා ඇත.
තමන් චීන ජනාධිපති ෂී ජින්ජින් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවත්, වයිරසය පැතිරීම වැළැක්වීමටත් එය මර්දනය කිරීමටත් චීනය ගෙන ඇති ක්රියා මාර්ග සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බවත් ජනපති ට්රම්ප් අවධාරණය කර තිබේ.
(අල් ජසීරා)