බයිඩන් සෞඛ්‍ය-ආරක්ෂක ප්‍රධානීන් නම් කරයි



ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වුණු ජෝ බයිඩන්, සිය සෞඛ්‍ය ලේකම්වරයා (සෞඛ්‍ය ඇමැති) ලෙස කැලිෆෝනියාවේ හිටපු නීතිපති එක්සේවියර් බැකෙරා සහ ආරක්ෂක ලේකම්වරයා (ආරක්ෂක ඇමැති) ලෙස විශ්‍රාමික හමුදා ජනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කර ඇතැයි වාර්තා වේ.

ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. ‘ඔබාමා කෙයාර්’ නමින්, ජනපති ඔබාමා ඇමෙරිකාවේ සෑම සියලු දෙනාටම ගැලපෙන පහසු සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වා දී දුන් අතර, එම කටයුතු අධීක්ෂණය කළේ 62 හැවිරිදි  බැකෙරා බව පැවැසෙයි.

67 හැවිරිදි ලොයිඩ් ඔස්ටින්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලෙස පෙන්ටගනය හෙවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස තේරී පත් වන පළමු කළු ඇමෙරිකානුවා වනු ඇත. මොහු 2013 සිට 2016 තෙක් කාලයේ ඇමෙරිකා ඒකාබද්ධ බළකා අණදෙන නිලධාරියා ලෙස රාජකාරි කර ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS