බයිඩන් මාධ්‍යවේදියකුට නොහොබිනා විදියට බැණලා



ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අවසන් වී, මාධ්‍යවේදීන් පිටවී යද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අකරතැබ්බක් සිදුවිය.

මාධ්‍ය හමුවට ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය නාළිකා සියල්ලේම මාධ්‍යවේදීන් සහභාගී සිටි අතර අතර, මාධ්‍ය හමුව අවසානයේ අවසන් ප්‍රශ්නය විමසා සිටියේ ‘ෆොක්ස් නිවුස්’ නාළිකාවේ මාධ්‍යවේ පිටර් ඩෝසි ය.

රටේ උද්දමනය ඉහළ යෑමට ජනාධිපතිවරයා ඇතුළු රජය වගකිව යුතු නොවේදැයි පිටර් ඩෝසි ප්‍රශ්න කරද්දී, බයිඩන් ‘ඇඟට නොදැනී’ ඊට පිළිතුරු දුන්නේය.

කෙසේ නමුත් එම ප්‍රශ්නය හේතුවෙන් ජනාධිපති බයිඩන්ට කේන්ති ගිය අතර, මාධ්‍ය හමුව අවසානයේ දී මාධ්‍යවේදීන් ඔවුන්ගේ මයික්‍රෆෝන් ක්‍රියා විරහිත කර අකුලා ගැනීමට පෙර බයිඩන් මාධ්‍යවේදී පිටර් ඩෝසි ට ‘මහ මෝඩයෙක්’ යැයි කියයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, එසේ කියන අයුරු ඇමෙරිකන් පුවත් නාළිකා පසුව වාර්තා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS